Friday, December 14, 2012

Divaguhawa found

වසර 2593 කට පෙර බුදුන් වැඩ සිටි දිවාගුහාව සොයා ගැනීමට හැකි වූ බව ශ‍්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ. දිවාගුහාව බුදුන් වහන්සේ ශ‍්‍රිපාදස්ථානයට වැඩම කළ අවස්ථාවේ දිවා විවරණ ලැබු ස්ථානය බව පැවසේ. ශි‍්‍ර පාද පත්මයට මීටර් 100ක් පමණ පහළින් පිහිටා ඇති දිවාගුහාව තුළ සෙල්ලිපියක් හා නිශ්ශංකමල්ල රජුගේ ශෛලමය රුවක්ද ඇත. සෙල් ලිපියේ නිශ්ශංකමල්ල රජු ශ‍්‍රි පාදය කරුණා කිරිමට පැමිණි බව සදහන් වේ. බුදුන් වහන්සේ සමනොල ගිරට වැඩි අවස්ථාවේ සුමන සමන් දෙවියන් විසින් බණක් කියන්නට බුදුන්වහන්සේට ආරාධනා කර තිබේ. නමුත් එම අවස්ථාවේදිම තමන්ට දිව්‍ය දේව සභාවට සහභාගි වීමට තිබූ බව සමන් දෙවියන්ට අමතක විය. ඒ නිසා එකම තැනකදී දෙතැනක පෙනී සිටින්නේ කෙසේද යන ප‍්‍රශ්නය ඇතිවු නිසාත්, බුදුන් වහන්සේට වූ පොරොන්දුව කැඞීමට නොහැකි නිසාත් සමන් දෙවියන් එයට කදිම උපක‍්‍රමයක් යෙදු බව පොත් පත් වල ස`දහන් වේ. එ් අනුව බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට තමන්ගේ රූපයට සමාන රූපයක් මවා දිවාගුහාවට යවා ඇති අතර එය දැනගත් බුදුන් වහන්සේද තමන්ගේ රූපකායට සමාන ශරීරයක් මවා බණ කියන්නට තබා දඹදිව වැඩි බව ස`දහන් වේ.


0 comments:

Post a Comment

 
Google Analytics Alternative